Colombo Today Local News

ලිට්‍රෝ ලැබූ ලාභයෙන් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට දෙයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ ලාභයෙන් රුපියල් බිලියන 1.5ක් හෙවත් රුපියල් කෝටි 150 ක් මහා භාණ්ඩාගාරයට පිරිනමන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (20)දින පැවසීය.

ගෑස් මිල අඩු කරමින් ජනතාවට සහන දෙන අතරතුර ලැබූ සුළු ලාභයෙන් කොටසක් එම ලාභයේ නියම අයිකරු වන රජයට එම සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව හරහා යොමු කරන බවත් මෙම මුදල් රජය පාවිච්චි කිරීමෙන් අවසන් ප්‍රතිඵලය ලෙස ජනතාවට සහන ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් මුදිත පීරිස් මහතා කීය.

ආර්ථික ගොඩනැගීමට රජය දරණ උත්සහයට සහයෝගයක් ලෙස මෙම දැවැන්ත මුදල ප්‍රදානය කරන බව කී මුදිත පීරිස් මහතා පැවසුවේ රජය මෙම මුදලින් අස්වැසුමට ව්‍යාපෘතියට හෝ රජයේ සේවක වැටුප් ගෙවීමට හෝ ඕනෑම දෙයකට පාවිච්චි කළ ද එම මුදලින් එහි සැබෑ අයිතිකරුවන් වන ජනතාවට නැවත ලැබෙනු ඇති බවත්ය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කොළඹ පිහිටි එම සමාගමේ මූලස්ථානයේදී අද (20)දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

Related posts

බන්ධනාගාරයේ ඉදන් දාපු සෙල්ලම් ඉවරයි… ප්‍රබල පාතාලයන් 130කට STF එක කරන්න යන දේ මෙන්න…

colombotoday

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

Admin

අනුර සේනානායකට ඇප !

colombotoday

සිය පියාට වෙඩි වැදුණු භයංකර ඡායාරූපයක් හිරුණිකා මුල්වරට හෙළිකරයි

colombotoday

ලක් විරු සගයකු සමග අහසින් පැන්න ‘කමාන්ඩෝ’ යුද සුරතලියක් ඉතිහාසගත වාර්තාවක – PHOTO

colombotoday

එජාප ජ්‍යෙෂ්ඨයෝ සිරිකොතේ රැස්වෙයි… ප්‍රතිසංවිධානය ඇරඹෙයි… නායකත්ව වෙනස ගැන තීරණාත්මක සාකච්ඡා

colombotoday