Colombo Today Local News

දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව සම්මත වෙයි

රටේ අල්ලස හා දූෂණ වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (19) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් සංශෝධන 196ක් ඉදිරිපත් කරනු ලැබ තිබීම විශේෂත්වයකි.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී දින දෙකක් පැවැත්විණ.

පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සලකා බැලීම ඊයේ(19) සිදුකෙරුණු අතර පනත තුන් වැනි වර කියවා සම්මත කෙරුණේ ඉන් අනතුරුවය.

දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති විසි අටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා කතානායකවරයාට දැනුම් දුන්නේය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සංශෝධනය කෙරිණි.

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනුව ජනාධිපතිවරයා, මහ කෙමසාරිස්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා කොමිෂන් සභා සාමාජිකයින්ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වේ.

එසේම දූෂණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් නව පනතින් සුරක්ෂිත කෙරෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Related posts

පොලු පහරකින් දියණිය පියාව මරා දාලා

Admin

ඩයලොග් සමාගම මහ දවල් මහ මග පාරිභෝගිකයා ගසා කයි..!

colombotoday

හෙරොයින් කිලෝ 7ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

මිල්කෝ කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ ඩීසල් වංචාවක්… සේවකයින් අනිවාර්ය නිවාඩු යවයි

colombotoday

ජීවන්, සෝලංග කොඩියෙන් සටනට… නාම යෝජනා අත්සන් තබති !

colombotoday

පාඨලී ස්වාධීන වෙයි

colombotoday