Colombo Today Local News

රාජකාරියේ යෙදී සිටි එස් අයි ගේ යතුරුපැදියට ගිනි තියලා

දියතලාව නගරයේ රාජකාරි කළ පොලිස් උප පරීක්ෂකවරයකු ගේ යතුරුපැදියක් පැහැරගෙන වෙනත් ස්ථානයකට ගෙන ගොස් ගිනිතබා විනාශ කර දමා තිබියදී අද (19) අලුයම හමුවූ බව දියතලාව පොලීසිය පවසයි.

දියතලාව පොලිසියට අනුයුක්තව රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු ට අයත් යතුරු පැදියක් මෙසේ රැගෙන ගොස් ගිනි තබා ඇති බව පොලීසිය කියයි.

රාත්‍රී අමුත්තන්ගේ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටින අතරතුර බීමත් තීරෝද රථයක් දියතලාව නගරයේ දී අත්අඩංගුවට ගෙන යතුරුපැදිය නගරයේ එම ස්ථානයකම නවතා අත්අඩංගුවට ගත් ත්‍රී රෝද රථ පදවා ගෙන උප පොලිස් පරීක්ෂක වරයා පොලිසියට රැගෙන ගොස් තිබේ.

පසුව නැවත ගොස් යතුරු පැදිය ගෙන ඒමට ගියද එම ස්ථානයේ නොතිබීම නිසා සොයා බැලීමේදී එය දියතලාව ගල්කන්ද ප්‍රදේශයේ ගිනි තබා තිබියදී හමු වූ බව පොලිසිය කියයි.

යතුරුපැදිය මුළුමනින්ම ගිනිගෙන විනාශ වී තිබූ බවද පොලිසිය කියයි.

මෙසේ යතුරු පැදිය පැහැරගෙන ගිනිතබා විනාශ කළ පුද්ගලයන් සොයා කඩිනම් විමර්ශනයක් ආරම්භ කළ බවද දියතලාව පොලීසිය කියයි.

දියතලාව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

10වන වසරේ සිසුවිය එක්දරු පියෙකුගේ දරුවෙක් නිවසේදී බිහිකර මවක් වෙයි

Admin

බස් ගාස්තුව සීයට 10 කින් වැඩිකළේ නැත්නම් 24 දා රෑ සිට වර්ජනයක්

colombotoday

ගිය වැඩේ හරි.. රු මිලියන 11110ක් දෙන්නං.. චීනය අගමැතිට කියයි.. ගිවිසුමකුත් අත්සන් කරන්න යයි

colombotoday

මාතර බන්ධනාගාරයට එන රැඳවියන් අගුණකොළපැලැස්සට

Admin

ලිට්‍රෝ ගෑස් සමාගම අද කෝප් කමිටුව හමුවට

colombotoday

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කරයි

colombotoday