Colombo Today Local News

X-Press Pearl අනතුරින් වූ හානිවලට අදාළ එකඟතා සාකච්ඡා කරන්න කණ්ඩායමක් අද සිංගප්පූරුවට.

X-Press Pearl නෞකා අනතුරින් වූ හානිවලට අදාළ එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත් කළ විශේෂ කණ්ඩායම අද (17)දින සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

එම කණ්ඩායමේ ප්‍රධානත්වය දරන්නේ නීතිපති සංජය රාජරත්න මහතා ය.

හෙට හා අනිද්දා ඊට අදාළ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.

නෞකා සහ රක්ෂණ සමාගම්වල නීතිඥයින් සහ නිලධාරීන් ඊට එක්වීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ හානියට අදාළ වන්දි මුදල අමෙරිකානු ඩොලර් බිලියන 6.4 ක් ලෙස ගණන් බලා තිබේ.

Related posts

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වෙයි | පැෆ්රල් සංවිධානයත් කැදවයි

colombotoday

අවිශ්ක-නුවන්-දිල්හාර චෝදනා ලැබූ සිද්ධියට අදාළ ලියකියවිලි භාර දෙයි

colombotoday

අනුරගේ සහන මල්ලට මැ.කො. ෂොට් එක දෙයි!

Admin

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල යලි ඉහළට

colombotoday

අඩු ආදායම්ලාභීන්ට දෙන සහනය වෙනත් පිරිසකගෙන් අයකර ගන්නවා

Admin

එක් අයෙකුට කිලෝ තුනයි සහල් සීමා පැනවෙයි

Admin