Colombo Today Local News

ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263ක් හඳුනාගනී

මෙරට ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263 ක් හඳුනාගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සර්දා වීරකෝන් මහතා සඳහන් කරන්නේ, එම පාලම් පුළුල් කිරීමට රුපියල් බිලියන 15.3 ක් ඇස්තමේන්තු කර ඇති බවයි.

මීට අමතරව අබලන් තත්ත්වයේ පවතින පාලම් 135 ක් ද හඳුනාගෙන ඇත.

ඒවා ප්‍රතිසංස්කරණයට අවශ්‍ය මුදල රුපියල් මිලියන 12.3 ක් බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි.

පාලම් ප්‍රතිසංස්කරණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලීම් කර ඇති බව ද එම ප්‍රතිපාදන ලැබුණු පසු පාලම් ප්‍රතිසංස්කරණය ප්‍රමුඛතා පදනම මත සිදුකරන බව ද ඔහු සඳහන් කරයි.

පසුගිය දා පොළොන්නරුව මනම්පිටිය කොටලීය පාලමින් බස් රථයක් ඔයට පෙරලී අනතුරක් සිදුවිය.

එහිදි හෙළි වූයේ අදාළ පාලම පටුවීම හේතුවෙන් එම ස්ථානයේ අනතුරු බහුල වී ඇති බවයි.

එම අනතුරෙන් පුද්ගලයින් 10 කු මියගිය අතර තවත් 40 කට අධික පිරිසක් තුවාල ලැබූහ.

Related posts

රටේ දුක් ගිනි නිවූ අපේ දුක් ගිනි නිවන්න අද කවුරුත් නෑ. ආබාධිත රණවිරුවෝ මහා නා හිමියන්ට දුක කියයි.

colombotoday

නුගෝගොඩ රැලියට එන්න යන ආණ්ඩුවේ අයට මහින්දගෙන් පණිවිඩයක් (Video)

colombotoday

හෙළ උරුමය රතන හිමිට එරෙහිව යුද ප්‍රකාශ කරයි.. වහා විනය පරීක්ෂණයක් කැදවයි !!

colombotoday

නව අගමැති මහින්ද, දිවුරුම් දුන් හැටි මෙන්න…

colombotoday

රාජාංගනයේ කොවිඩ් ආසාදිතයා ඇසුරු කල දුමින්ද දිසානායකට ස්වයං නිරෝධායනය වීමට දන්වයි..

colombotoday

අගමැතිට මුකම්බිකා දෙවොලේ ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයක !

colombotoday