ප්‍රංශ නාවික හමුදාවට අයත් “LORRAINE” නෞකාව නිල සංචාරයක් සඳහා අද(11) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර ඇති බව පැවසේ.
මෙම නෞකාව, දිගින් මීටර් 142.20ක් වෙයි.
එය ලබන 15 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමග බටහිර විධානයට අයත් මුහුදු තීරයේදී අභ්‍යාසයක (PASSEX) නිරත වීමට ද නියමිතව ඇති බව නාවික හමුදාව පවසයි.