Colombo Today Local News

සත්ව පාලනය සහ කිරි නිෂ්පාදනය ගැන ඉන්දියාව සමග ඒකාබද්ධ ගිවිසුමක්

ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර සත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශයට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සහ කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම යන ඉලක්ක ඉටුකර ගැනීම සඳහා එක්ව කටයුතු කිරීම පිණිස ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර මෙම සහයෝගීතා ප්‍රකාශයට අත්සන් තැබෙයි.

ඒ වෙනුවෙන් කෙටුම්පත් කර ඇති ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශයට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇතැයි රජය පවසයි.

Related posts

හෙරොයින් කිලෝ 300ක් සමඟ යාත්‍රාවක් දකුණු මුහුදේදී වටලයි

colombotoday

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද 3කින් පරාදයි

colombotoday

නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වලකින්න | පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළිි කුණාටුවක් වන ලකුණු

colombotoday

ඉන්ධන බෙදීම අධීක්ෂණයට පිරවුම් හල්වලට හමුදාව

colombotoday

අත්තනගල්ලේ නීතිඥයකුට ට පහරදුන් නීතිඥවරුන් පිරිසට ඇප

Admin

“රට පාලනය කරන්නේ සමලිංගිකයෝ” කතාවට ඥානසාර හිමිට නඩු වැටෙන ලකුණු

colombotoday