World

ඉතාලියේ වැඩිහිටි නිවාසයක ගින්නකින් 6ක් මරුට – 81ක් රෝහලේ…

ඉතාලියේ මිලාන් නගරයේ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තවත් 81 දෙනෙකු රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Casa dei Coniugi වැඩිහිටි නිවාසයේ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න ඉක්මනින් මැඩපවත්වා ඇති බව මිලානෝ නගරාධිපති Giuseppe Sala සඳහන් කරයි.

කාන්තාවන් දෙදෙනෙකු ජීවත් වූ එක් කාමරයක මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසයි.

ඔවුන් ගින්නෙන් මිය ගොස් ඇති අතර මියගිය අනිත් සිව්දෙනා දුම් ආඝ්‍රාණය වීමෙන් මිය ගිය බවයි පැවසේ.

මියගිය හය දෙනාගෙන් පස් දෙනෙක් කාන්තාවන් වන අතර රෝහල් ගත කළ සියලු දෙනා දුම් ආඝ්‍රාණය වීම නිසා පීඩා විඳිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රෝහල් ගත කළ 14 දෙනකුගේ තත්ත්වය බරපතළ බවද විදෙස් මාධ්‍ය පවසයි.

දකුණු මිලාන්හි කොර්වෙටෝ ප්‍රදේශයේ පිහිටි මෙම වැඩිහිටි නිවාසයේ පුද්ගලයින් 167 දෙනෙකු සිට ඇත.

Related posts

කැනඩාවේ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

Admin

ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි

colombotoday

කොරෝනා හේතුවෙන් සෞදිය මේ වසරේ හජ් වන්දනාව කල් දමයි

colombotoday

උමගක් කඩා වැටී සේවකයින් 40ක් පොළොව යට හිරවෙයි

Admin

ඉස්ලාම් ත්‍රාස්ථවාදීන්ගෙන් ඉහළ පෙළේ හෝටලයකට ප්‍රහාරයක්

colombotoday

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වෙයි

Admin