Colombo Today Local News

මාස 6ක් තුළ 150,000කට අධික පිරිසක් රට රැකියාවලට ගිහින්.

වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 150,000කට අධික සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

වැඩිම පිරිසක් මැදපෙරදිග රටවල රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යපා මහතා සඳහන් කරයි.

මෙම වසර අවසන් වන විට පුද්ගලයින් ලක්ෂ 03 ඉක්මවා විදේශ රැකියා සදහා පිටත්ව යනු ඇති බවට විශ්වාස කරන බව ඔහු පවසයි.

එම සංඛ්‍යාලේඛන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඒවා පමණක් බව ගාමිණි සෙනරත් යාපා මහතා
වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

නවගමුවේ කප්පම් කල්ලියක් කොටු

colombotoday

රාගම වෙඩි තැබීමකින් තිදෙනෙකුට තුවාල

Admin

මහින්දට එරෙහිව මැලේසියාව ගිනි තැබූ ප්‍රභාකරන්ගේ සගයාගේ වතගොත හෙළිවෙයි

colombotoday

චෝදනාවට ලක් වෙන්න එපා. ජනපතිගෙන් ඇමතිවරුන්ට අවවාද

colombotoday

අප්‍රේල් අග සිට පාස්පෝට් ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්

colombotoday

හිටපු නාගරික මන්ත්‍රීවරියක් ලග කිසිදු ලේඛණයක සටහන්ව නැති මෝටර් රථයක්

colombotoday