Colombo Today Local News

පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානි වන කිසිවක් ආයුර්වේද පනතේ නැතැයි ඇමතිගෙන් සහතිකයක්

පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානි වන කිසිවක් ආයුර්වේද පනත් කෙටුම්පතේ නැතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

වසර දහස් ගණනක් පැරණි උසස් චිකිත්සක ක්‍රමයක් වන පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානිවන කිසිවක් කරන්නට ආණ්ඩුව සූදානම් නැතැයිද ජයකොඩි මහතා කියයි.

ආයුර්වේද පනත් කෙටුම්පත කඩිනමින් කළ සංශෝධනයක් නොවන බවත් දැනට වර්ෂ එකහමාරක සිට දීර්ඝ පුළුල් සාකච්ඡාවක් කර නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා කීය.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (6)දින පැවති ආයුර්වේද පනත පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අමතමින් මේ බව සඳහන් කළේය.

ආයුර්වේද පනත 1961 අංක 31 යටතේ ස්ථාපිත දැනට වර්ෂ 62 කට පෙර පාර්ලිමේන්තුවේ අනුමත කළ පනතක් බවද මෙය දීර්ඝ කාලයක් තිස්සේ ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ සමස්ථ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව සංවාදයට ලක් කරමින් අලුත් පරිවර්තනීය වෙනස්කම් පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් සිදුකළ බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Related posts

භික්ෂූන් වහන්සේට ඉරක්කාමම් විහාරය තහනම්.. උසාවි නියෝගයක්.. ඉඩම ඉල්ලා මුස්ලිම් උද්ඝෝෂණ

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ දීමට උපදේශක මණ්ඩලයක්

colombotoday

ලංගම බස් සීමාවන් යටතේ මගී ප්‍රවාහනය අරඹයි

colombotoday

වැඩිකළ ඉන්ධන කෝටාව ඉදිරි සතියේදීත් ලැබෙයි

Admin

ආපහු දේශපාලනේට ආවේ ජනතා ආයාචනය නිසයි

Admin

සතුරාට නියත මරණය ගෙන එන්නෝ – ශ්‍රීලංකා යුධ හමුදා විශේෂ බළකාය (SF)

colombotoday