Colombo Today Local News

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතය අඩුකරයි

බැංකු පොලී අනුපාත තීරණය කරන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතය 2% කින් පහළ දමා තිබේ.

මහ බැංකුව, බැංකු වෙත ලබා දෙන ණය වෙනුවෙන් අය කරන පොළිය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14% සිට 12% දක්වා පහළ යනු ඇත.

මහ බැංකුව බැංකුවල තැන්පතු සඳහා ගෙවන පොළිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතිකය 13% සිට 11% දක්වා පහළ දමා තිබේ.

ඊට සමගාමීව ඉදිරියේදී බැංකුවල ණය අනුපාතික හා තැන්පතු අනුපාතික ද පහළ යනු ඇත.

මෙලෙස සිය ප්‍රතිපත්ති පොළී අනුපාතික පහළ දැමීමට හේතුව ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ පුරෝකථනය කළ මට්ටමටත් වඩා බඩු මිල වැඩි වීමේ වේගය හෙවත් උද්ධමනය අඩු වීම බවයි.

Related posts

තේ අපනයනය පහත වැටේ.. සත්වසරකදී අඩුම අපනයන 2016 දී

colombotoday

සූදු ගැසූ බදුල්ල ඩිපෝ සේවකයින් අත්අඩංගුවට

colombotoday

හොරණ තිබ්බොටුගොඩ බැංකුවක් කඩයි

colombotoday

ඩීසල් නැවක් දිවයිනට… තවත් නැවක් එයි

colombotoday

‘රට වෙනුවෙන් එකට සිටිමු‘ ජාතික වැඩසටහන අද ඇරඹෙයි…

colombotoday

කොළඹ ජාතික රෝහලේ ගර්භනී හෙද නිලධාරිනියන් ද ඇතුළුව නිලධාරීන් 62කට කොරෝනා

colombotoday