Colombo Today Local News

හමුදා තරුණිය පෙමට පිටුපෑ තරුණයා උස්සලා

පෙම් සබඳතාවයකට පිටුපෑ තරුණයකු පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා තරුණියක ඇතුළු සිව්දෙනෙකු අද (05) අලුයම අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි සිව්දෙනෙකු බව පොලීසිය කියයි.

සැකකරුවන් ඊයේ (04) පස්වරුවේ අළුබෝමුල්ල පින්වත්ත අතුරු මාර්ගයේදී ත්‍රිරෝද රථයකින් පැමිණ පැහැර ගැනීම සිදුකළ බවට තරුණයා සහ ඔහුගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලීසිය පවසයි.

පැහැරගැනීමට ලක්වූ තරුණයා සහ පැහැරගත් බව පැවසෙන තරුණිය පෙම්වතුන්ව සිට ඇති බවත්, තරුණිය විවාහ කරගැනීම සඳහා තරුණයා අකමැත්ත පළකිරීම හේතුවෙන් පැහැරගැනීම සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වු බව පොලීසිය සඳහන් කරයි.

තරුණයාව පැහැරගෙන ගොස් පාළු නිවසක සඟවාගෙන සිට නැවත මුදාහැර ඇති බව ද පොලීසිය පවසයි.

පැහැරගැනීම සඳහා සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය සහ රියදුරු සොයා පරීක්ෂණ සිදුකරන බව ද වාර්තා වෙයි.

අත්අඩංගුවට ගෙන ඇති තරුණිය ආරක්ෂක හමුදාවේ රාජකාරි කරන බවත්, පැහැරගැනීමට ලක්වූ තරුණයා පෞද්ගලික සමාගමක සේවය කරන බවත් පොලීසිය කියයි.

සැකකරුවන් අද (05)දින පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදුකරති.

Related posts

ඉතාලිය ඇතුලු රටවල් කිහිපයකින් පැමිණි 65 කට උසාවි නියෝගයක්

colombotoday

ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය ගැන සොයන්න විශ්‍රාමික විනිසුරුවරියක් පත් කරයි

colombotoday

“මං සර්ගෙ ගෙදර මාස 6ක් වළං හෝදන්නම්, අනේ සර් කාටවත් කියන්න එපා“ රහස් රැසක් සමග ශානි-රංජන් හඩ පට එළියට…

colombotoday

මීගමුව රෝයල් ෆාමසිය STF වටලයි…

colombotoday

ටෙස්ට් ආකෘතිය වෙනස් කිරීමට මහේල විරුද්ධ වේ.

colombotoday

මොනවා හරි විකුණලා රේටින් වලින් උඩට ගියාම ජනපතිගේ ප්‍රතිපත්තියත් ණයට කකා ජොලියේ ඉන්න එක

Admin