Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග ගැන ජනපති ජාත්‍යන්තර ඩිජිටල් අලෙවිකරණ සමුළුවට කියයි

ශ්‍රී ලංකීය ජාතිය ඉදිරියට ගෙනයාම සඳහා ඩිජිටල් තාක්‍ෂණයේ විභවයන් උපයෝගී කරගැනීමට කාලය එළඹ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව, ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ගෝලීය ක්‍රියාකාරිකයකු බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජාත්‍යන්තර ඩිජිටල් අලෙවිකරණ සමුළුව වෙත පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇත.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, පෙර නොවූ විරූ අභියෝග හමුවේ ශ්‍රී ලාංකිකයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව සහ අධිෂ්ඨානය පෙන්නුම් කර ඇති බවය.

Related posts

ලංකාවට ශක්තිමත් එක් නීතියක් අවශ්‍යයි – ඇමති චම්පික රණවක කියයි

colombotoday

චමල්, එස්.බී, පවිත්‍රා ඇමති තනතුරුවල දිවුරුම් දෙයි…

colombotoday

“නඩු දාන්න කියලා නිර්දේශ කරලා තියෙනවා.. එයා කොහොමද අපිට දැනමුතුකම් දෙන්නේ”

Admin

කොළඹ වරායෙන් ගිය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඉන්ධන කාන්දුවක්

colombotoday

අණ නොතකා පලායමින් සිටි වැලි ජාවාරම්කරුවන්ට හමුදාවෙන් වෙඩි

colombotoday

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද 3කින් පරාදයි

colombotoday