Colombo Today Local News

ණය ප්‍රශස්තකරණයෙන් කිසිදු පාර්ශ්වයකට හානියක් නැහැ – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියයි

ජනතාවගේ මූල්‍ය සුරක්ෂිතතාවය තහවුරු කරමින් බැංකු පද්ධතිය සුරක්ෂිත කිරීම රජයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ, මෙම වැඩපිළිවෙල යටතේ කිසිදු පාර්ශ්වයකට හානියක් නොවන බවයි.

ඊට විරෝධතා දක්වන පාර්ශ්වයන්ගේ ඉල්ලීම වන්නේ ජනතා මුදල් රජයට ගැනීම හා බැංකු පද්ධතිය කඩා වැටීම බව ද ඔහු මෙහිදී පෙන්වා දුනි.

මීට අමතරව මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කරන බිල්පත් මෙන්ම බැඳුම්කර වල ආයෝජනය කර ඇති කිසිදු ආයෝජකයෙකුට හානියක් සිදු නොවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් හෙට (01) දිනයේදී පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වීමට ද නියමිතව තිබේ.

Related posts

ඇත් පහරින් ගොවියා මරු දකී

Admin

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියල්ල සූදානම්

Admin

උසස් පෙළ හා ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු

colombotoday

රන් පවුමයක මිල තවත් නගී

colombotoday

මුස්ලිම් ළමා ජනගහනය සිංහල ළමා ජනගහනයට වඩා තුන් ගුණයක වේගයකින් වර්ධනය වේ

colombotoday

කංසා වගාවට නීතිගේන යෝජනාව සම්මතයි

colombotoday