Colombo Today Local News

කොටහේන හින්දු කෝවිලේ මහා ශිවරාත්‍රී පූජාවට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක්!

kotahena 23232

කොටහේන බාබර් වීදියේ ශ්‍රී මුත්තුමාරිඅම්මාන් කෝවිලේ මහා ශිව රාත්‍රී දින දේව පූජාව පැවැත්වුණු අවස්ථාවේ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කෝවිලේ ප්‍රකාශකයෙකු Colombotoday වෙත පැවසුවේ ඊයේ 07 දිනට යෙදුණු මහා ශිව රාත්‍රී දිනය නිමිත්තෙන් කෝවිලේ සංවිධානය කර තිබූ විශේෂ පූජාව සදහා සකස් කර තිබූ වේදිකාවට පහර දී කඩා බිද දමා, ශබ්ධ විකාශන උපකරණද විනාශ කර ඇති බවයි. මෙම ප්‍රහාරය සදහා 25කට අධික පිරිසක් පැමිණි බවත් ඒ අතර නමගිය මුස්ලිම් පාතාල සාමාජිකයන් දෙදෙනෙකුද සිටි බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළා.

කොටහෙන් බාබර් වීදියේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ ආගමික කටයුතු සදහා අසල මුස්ලිම් පල්ලියෙන් දිගින් දිගටම බාධ සිදූ වන බව මීට පෙර අවස්ථා කිහිපයකදීම වාර්තා වූ අතර පසුගිය ඔක්තෝබර් මස පැවති වාර්ෂික තේරු උත්සවය නවතා දමන ලෙස මුස්ලිම් පිරිස විසින් කෝවිලේ භාරකරුවන්ට මරණීය තර්ජණ කර පහරදීමක්ද සිදුකර ඇති බව වාර්තා වුණා.

අදාළ සිදුවීම හින්දු සහ මුස්ලිම් දේශපාලකයන්ගේ මැදිහත් වීමෙන් තාවකාලිකව විසදුනද නැවත වරක් අන්තවාදී මුස්ලිම් පිරිසගෙන් තමන්ට තර්ජණ එල්ල වන බවයි කෝවිලේ භාරකරුවන් සදහන් කරන්නේ. කෝවිලේ ආගමික උත්සවයට කඩා පැන පහරදෙන තරමට එම තර්ජණ දුරදිග ගොස් තිබෙන බැවින් වහාම තමන්ගේ ආරක්ෂාව සලසන්නැයි කෝවිල් බලධාරීන් රජයෙන් ඉල්ලා සිටිනවා.

මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ…

 

Related posts

ජවිපෙට ආණ්ඩුව දීල බලන්න.. නියමෙට කරල පෙන්නනවා

colombotoday

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ගැන විශ්වාසය තැබූ ඡන්ද දායකයින්ට ජනපතිගෙන් තුති

colombotoday

රනිල්ගේ ව්‍යවස්ථා කොහොල්ලෑ ගුලියේ ඇලිලා මහින්ද සුළු ජාතික ඡන්ද නැති කර ගන්නවා.

colombotoday

නවක සිසුන්ට පිළුණු වූ ආහාර දුන් පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්..

Admin

රනිල්ගේ ඉල්ලීමට විදෙස් තානාපතිවරු පාර්ලිමේන්තුවට

colombotoday

මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් නොගත් කොළඹ ජනතාවට දැනුම්දීමක්

colombotoday