Colombo Today Local News

දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතනය ඥාතීන්ට දෙන්න රස පරීක්ෂකවරයා විරුද්ධ වෙයි

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා භාවිත කළ ජංගම දුරකතනය සහ සිම්කාඩ්පත ඔවුන්ගේ ඥාතීන්ට ලබාදීමට රජයේ රස පරීක්ෂකවරයා විරුද්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (20)දින ප්‍රකාශ කර තිබේ.

සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වි ඇත.

මෙම දුරකතනය සහ සිම්කාඩ් පත මරණකරුගේ පවුලේ ඥාතීන්ට ලබා දුන්පසු ඔවුන් එම දුරකතනයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වීමේදී එහි ඇති දත්ත මැකී යා හැකි බවටත්, එම දුරකතනය සහ සිම්කාඩ් පත සම්බන්ධ පරික්ෂණ මෙතෙක් අවසන්ව නොමැති බවටත් රස පරීක්ෂකවරයාගේ වාර්තාවේ සදහන්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

සිද්ධියට අදාළ නඩුව ලබන 28 වැනිදා යළි කැදවීමට නියමිතව ඇත.

Related posts

ඇමරිකා MCC ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අත්සන් කරනවා – මංගල

colombotoday

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දෙන්න. ලිපියකට විපක්ෂ මන්ත්‍රීවරු 5කුත් අත්සන් තබයි.

colombotoday

අත්‍යාවශ්‍ය නැත්නම් පාස්පෝර්ට් ගන්න එන්න එපා

Admin

කෝවිලක දුන් දන්සලක ආහාර අනුබව කල 114ක් රෝහලේ

Admin

කොටි සැකකරුවන් අදියරෙන් අදියර නිදහස් කරනවා – ජනපති විග්නේෂ්වරන්ට පොරොන්දු වෙයි

colombotoday

යහපාලන ආණ්ඩුවෙන් බඳවාගත් 8000ක් රජයේ ආයතන වල අයිස් ගසයි.

colombotoday