Colombo Today Local News

මේ අවස්ථාව රථ වාහන ආනයනයට ඉඩක් ලබාදිය හැකි අවස්ථාවක් නෙමෙයි. – මුදල් රාජ්‍ය ඇමති කියයි

වර්තමානයේ රථ වාහන ආනයනය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඔලාපිටිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රුපියල යළි අවප්‍රමාණයවීම ඉල්ලුම සැපයුම මත ඇතිවූ සාමාන්‍ය තත්ත්වයක් වන බවය.

“මේ දවස් තුළ ඩොලර් මිලියන 75ක් 80ක් විතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඛනිජ තෙල් එකවැර මිලදී ගන්න අවශ්‍ය වුණා. ඔවුන් වෙළෙඳපොළෙන් මහ බැංකුවෙන් ගත්තා. ඒ අනුව ඩොලර් එක පොඩ්ඩක් ඉහළයන ප්‍රවනතාවයක් ඇති වුණා. අපේ රටේ සමහරුන් ඉන්නවා ඩොලර්වල ආයෝජනය කරන අය. ඔවුනුත් ඩොලර් මිලදී ගන්න පටන්ගත්තා. මෙන්න මේ දෙකේම බලපෑම තමයි රුපියල් 320 පැනලා ඩොලරයේ අගය ගියේ. අපි අයෙත් දැක්කා එක ඊයේ යළි රුපියල් 306 මට්ටමට ආවා. මේක අසාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. ඉල්ලුම සැපයුම මත ඇතිවන සාමාන්‍ය තත්ත්වයක්.”

ප්‍රශ්නය – වාහන ආනයන සීමා සම්බන්ධයෙන් ඒකට අවසර දෙනවද නැද්ද?

“අවශ්‍ය තෙල් සඳහා මුදල් වියදම් කරාම ඩොලර් මිලියන 75ක් 80ක් ගියාමත් අපේ ඩොලර් එකේ අගයට මේක බලපානවා. කෙටියෙන්ම කිව්වොත් මේ අවස්ථාව රථ වාහන ආනයනයට ඉඩක් ලබාදිය හැකි අවස්ථාවක් නෙමෙයි.”

Related posts

“සයිටම් අවජාතක දරුවෙක්.. සුජාත භාවය දෙන්නයි අපි හදන්නේ“ අධ්‍යාපන ඇමති

colombotoday

විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය බිංදුවට වැටේ.. ශ්‍රී ලංකා ආර්ථිකය අවසන් ගමනේ !

colombotoday

පියා මරා මවට තුවාල කළ ගල්කිස්සේ අජාසත්ත පුත්‍රයා

colombotoday

පෑලියගොඩ, වනවාසල දී අයිස් කිලෝවක් අල්ලයි

Admin

කුරුණෑගල සීනි ගබඩාවකටත් සීල් තියයි

colombotoday

ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Admin