World

ග්‍රීසි මුහුදේ යාත්‍රාවක් පෙරලී සංක්‍රමණිකයන් 79ක් මිය යයි

දකුණු ග්‍රීසියේ වෙරළට ඔබ්බෙන් ධීවර යාත්‍රාවක් පෙරලී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 79 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මෙහිදී බේරාගෙන ඇති බව ද සඳහන්.

මේ අතර දිවි ගලවා ගත් අය සහ ග්‍රීක නිලධාරීන් පවසන්නේ, තවත් සංක්‍රමණිකයන් සිය ගණනක් යානයේ සිටි බවයි.

මෙය ග්‍රීසියේ විශාලතම සංක්‍රමණික ඛේදවාචකයක් බව රජය පවසන අතර දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

යානයේ සිටි කිසිවෙක් ජීවිතාරක්‍ෂක කබා පැළඳ නොසිටි බවද සඳහන්.

යාත්‍රාව ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් කරන්නට ඇතැයි විශ්වාස කරන අතර, එහි සිටි බොහෝ දෙනා තරුණ වියේ පසුවන පිරිමි පුද්ගලයන් බව ද වාර්තා වී තිබේ.

මියගිය අයගේ ජාතිකත්වයන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

ජාවාරම්කරුවන් බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු ග්‍රීසියේ Kalamata මධ්‍යම වරාය අධිකාරිය වෙත රැගෙන ගොස් ප්‍රශ්න කරමින් සිටින බව ද සඳහන්.

Related posts

මුස්ලිම් ජාතිකයෙකු යෑයි සිතා ඇමරිකාවේදී හිමිනමකට පහර දීලා

colombotoday

ඉන්දියාවේ ක්ලෝරීන් ඩයොක්සයිඩ් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

UN සම්බාධකවලට එරෙහිව උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත කැනඩාව තුළ හදිසි භාවිතයට අනුමැතිය

colombotoday

ප්‍රංශයේ කතෝලික පල්ලියක් තුල ඉස්ලාමය නාමයෙන් තිදෙනෙකුගේ බෙල්ල කපා මරා දමයි.

colombotoday

ආධාර ලබා ගන්න විදෙස් සබඳතා ඇති ඊජිප්තු ජනපතිට තවත් ජනවරමක්

Admin