Colombo Today Local News

බූරු මූණා තවදුරටත් රිමාන්ඩ්

රවිඳු සංඛ ද සිල්වා නොහොත් “බූරු මූණා” ජුනි මස 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඉකුත් පෙබරවාරි 24 වනදා ව්‍යාජ නමක් භාවිත කර සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයකින් ඩුබායි බලා පැන යෑමට පැමිණි අවස්ථාවේදී ඔහුව ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොල පොලීසිය වෙත භාරදී තිබුණි.

එහිදී බුරුමුණා නමැත්තා පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යෑමෙන් අනතුරුව මාර්තු මස 17 වනදා අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අවිස්සාවේල්ල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

පසුව සිදුවූ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරුණි.

Related posts

සූර් වී ඇනගනී.. හිටපු ඇමති පුතා අත්අඩංගුවට

colombotoday

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹේ

colombotoday

වසන්ත කංචන රතු ඉරේ ඇවිලෙයි

Admin

“හම්බන්තොට චීනයට දී ලැබුණු මුදලින්, නේපාලයට ඩොලර් මිලියනයක් ආධාර දෙනවා” – අගමැති

colombotoday

පාසල් දරුවන්ට පෝෂණීය දිවා ආහාර වේලක් දෙන්න අමෙරිකාවෙන් අත

colombotoday

මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

Admin