Colombo Today Local News

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ රතු නිවේදන

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑම් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ද නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, අයගම, කුරුවිට සහ පැල්මඩුල්ල යන ප්‍රදේශ සඳහා නිකුත් කළ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට

colombotoday

දිනේෂ් ෂාෆ්ටර් මරා දැමූ බවට හෙළි වෙයි

Admin

අවුරුදු තුනකට පෙර ඉවත් කල සිම් එකක තැන්පතු මුදල ඉල්ලා ‘එටිසලාට්‘ සමාගමෙන් ප්‍රසිද්ධ හිමිනමකට නඩු…

colombotoday

යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් ව නිදහස් කෙරේ

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරමකින් උපයාගත් රුපියල් මිලියන 56ක්

colombotoday

නව දේශීය ආදායම් පනත එයි.. පන්සල්වල පිංකැටේටත් ආදායම් බදු !

colombotoday