Colombo Today Local News

දස හැවිරිදි දරුවෙක් වැසිකිළියේදී සියදිවි නසා ගෙන

දස හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේ වැසිකිළිය තුළදී සිය දිවි හානි කර ගෙන ඇතැයි බගවන්තලාව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, බගවන්තලාව ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි දරුවෙකි.

නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති ඔහු වැසිකිළිය වෙත ගොස් සිය දිවි හානි කරගෙන ඇති බවට සැක කරන බව පොලිසිය කියයි.

මියගිය දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇති බව ත්, සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානීය පරීක්ෂාවෙන් පසු වැඩිදුර පරීක්ෂණය පවත්වන බව ත් බගවන්තලාව පොලිසිය වැඩිදුර ත් සඳහන් කරයි.

Related posts

මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවිකරුවන් විකිණීමෙන් ඉවත්වෙයි

Admin

නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයි

Admin

කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අත්හිටුවයි

colombotoday

යාපනේ ආයුධ සන්නද්ධ කල්ලි නැවත හිස ඔසවයි.. රාජ්‍ය සේවකයෝ ආරක්ෂාව ඉල්ලති

colombotoday

සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් ?

colombotoday

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

Admin