Colombo Today Local News

කපා කොටා ඝාතනය කළ කතකගේ මළ සිරුරක් නිවසකින් හමුවෙයි

ඉදුරුව ඇටවලවත්ත ප්‍රදේශයේ නිවසක තිබී තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් අද (12)උදෑසන සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ ඉදුරුව ඇටවලවත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කොස්ගොඩ බලහැලගේ චාන්දනී නමැති එක්දරු මවක් බවද පොලීසිය පවසයි.

මෙම කාන්තාව ඊයේ (11) රෑ ඝාතනය කරන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

සැමියා විදේශගතව සිටින මෙම කාන්තාවගේ නිවස මංකොල්ල කන්න පැමිණි පිරිසක් කළ දෙයක් ද නැතහොත් වෙනයම් හේතුවක් නිසා වූවක්ද යන්න පිළිබදව සොයා බලන බව ද පොලීසිය කියයි.

මේ ඝාතනය සම්බන්ධයෙන් මහේස්තාත් පරීක්ෂණය අද (12)දින සිදු කිරිමට නියමිතව තිබිණ.

කොස්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ISIS තර්ජණය මැද හෙළිවූ කොටින්ගේ කෝටි 3500ක අවි ගබඩාව සහ ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන්නයි ඉල්ලීමේ රහස

colombotoday

මාලක සිල්වා අල්ලන්න වරෙන්තු

colombotoday

රට වසා දැමීමේ තීරණයක් නැහැ

colombotoday

මහනුවර රාත්‍රී වෙළදපොළ බෝගම්බර ක්‍රීඩාංගන පරිශ්‍රයේදී

colombotoday

ලාෆ්ස් ගෑස් ගැන නිවේදනයක්

Admin

මෙරට ආර්ථික වර්ධනය පසුබසී

Admin