Colombo Today Local News

කුකුළු මසුත් ආනයනයට සැරෙසෙයි

කුකුළු මස් විදෙස් රටවලින් ආනයනය කිරීමේ සූදානමක් පවතින බවට ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුව පවසයි.

ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා සඳහන් කරන්නේ, මිල නියාමනයක් නොකර දිගින් දිගටම මිල ඉහළයාමේ අවසන් ප්‍රතිඵලය වන්නේ කුකුළු මස් ආනයනය කිරීම බවය.

“කුකුළු මස් හිඟයක් මවාපාමින් කෙලින්ම නිෂ්පාදකයාට ඇඟිල්ල දික් කරන්න වැඩක් හදනවා. තව ටික දවසක් ගිහිල්ලා පාරිභෝගික අධිකාරියට කියනවා මිල ගැසට්ටුවක් ගහන්න කියලා. මිල ගැසට්ටුවක් ගහපු ගමන්ම මේ නිෂ්පාදනය කඩා වැටෙනවා. තවම සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවට මේ බෝලේ පාස් කරලා නිකන් ඉන්නවා මිසක කෙළින්ම මේ වැඩේ අතට ගන්න වැඩ සලස්සන්නේ ඇයි කියන සැකය මතු වෙනවා. කිරිපිටිවලට බදු සහන ඉවත් කළා වගේ. මේ නිෂ්පාදනවලට සපයන අමුද්‍රව්‍යවල බදු සහන වැඩි කරන්න. වැඩි බද්දක් තියෙනවා නම් ඉවත් කරන්න. එහෙම නැතුව මේ සැරසෙන්නේ කුකළු මස් ටිකක් ගෙන්නන්න. වහාම මේ දැනට තිබෙන මිල හරියට තාක්ෂණික කාරණා අනුව මිල නියාමනය කරන්න. සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව පූර්ණව මැදිහත් වෙලා විසඳුවේ නැතිනම් කුකුළු ගොවිපොළවල් රටින් නැති වෙනවා. කුකුළු මස් රටින් ගෙන්න කටයුතු කරනවා.”

Related posts

උතුරු නැගෙනහිර සෑම විහාරස්ථානයකටම හමුදා ආරක්ෂාව

colombotoday

තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

කසළ ගොඩ ගැසේ.. කොළඹ ම දුගද හමයි.. වසංගත රෝග අවදානමක් ! සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

colombotoday

බෙල්ලන්විල නාහිමියන් අපවත්වූයේ හෘදයාබාධයකින්.. ඇතෙකු පහරදුන් කතාව වැරදියි…

colombotoday

රටේ තත්වය බරපතලයි – ලක්ෂ 65ක්‌ ජනතාව දැඩි ආර්ථික අපහසුතාවෙන් – ජනපති

colombotoday

වාරි ජලාශ 18 ක් තවමත් වාන් මට්ටමේ

colombotoday