බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති හිටපු හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා නිවාඩුවක් සදහා ලංකාවට පැමිණි අවස්ථාවේ රහස් පොලීසියේ නිලධාරීන් එක්නැලිගොඩ කොටි ඒජන්තයා සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීමට සූදානම් වී ඇත.
නිවාඩුවකට පැමිණි තමන්ට නිකරුණේ රස්තියාදු වීමට නොහැකි බව පවසමින් රහස් පොලීසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන හිටපු හමුදාපතිවරයා කට උත්තරයක් ගැනීමට අවශ්‍ය නම් ගුවන් ටිකට්පතක් එවා නැවත තමන්ව ගෙන්වා ගන්නා ලෙසත් රහස් පොලීසිය අසල නවාතැන් පහසුකම් සපයා දෙන ලෙසත් පවසා ඇති බවද වාර්තා වේ.
මානුෂික මෙහෙයුමේ රණවිරුවන් ඉලක්ක කරගනිමින් දිගින් දිගටම සිදුකරමින් පවතින කෙණෙහිළිකම් හමුවේ ඔවුන්ගේ ඉවසීමේ සීමාවන්ද ඉක්ම ගොස් ඇති බව හිටපු හමුදාපතිවරයාගේ ප්‍රතිචාරවලින් පැහැදිලි වේ.