Colombo Today Local News

උතුරුට නැගෙනහිරට ෆෙඩරල් පාලනයක් ඉල්ලන යෝජනාව පාර්ලිමේන්තුවට !

fedral sambandhan

උතුර හා නැගෙනහිර පළාතට ෆෙඩරල් පාලනයක් ලබා ගැනීම සදහා යෝජනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ උතුරට හා නැගෙනහිරට ස්වයංතීර්ණ අයිතිය ලබාගැනීමේ උත්සාහය තවමත් අතහැර නැතැයි ඉකුත්දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නෙත් එෆ් එම් රේඩියෝව කළ විමසීමකදීයි.

මේ අතර උතුරට සහ නැගෙනහිර ෆෙඩරල් පාලනයක් ලබාගැනීම සදහා මැදිහත් වන්නැයි ඉන්දියාවෙන්ද ඉල්ලීමක් කරන බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් මහතා මීට පෙර කියාසිටියා. එවැනි පාලනයක් ලබාදෙන තෙක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ සදහන් බලතල හෝ පළාත් සභාවලට සම්පූර්ණයෙන් ලබාදිය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

Related posts

‘අර්ජුන් දඩුකදේ ගැසිය යුතුමයි’ – ශ්‍රීලනිපය නැවතත් කියයි

colombotoday

“පෞද්ගලික අධ්‍යාපනය නංවනවා.. තවත් වෛද්‍ය විද්‍යාල තුනක් අරඹනවා“ – කිරිඇල්ල

colombotoday

හමුදාපතිට තවත් තනතුරක් !

colombotoday

කර්මාන්ත ශාලා සහ ආදාහනාගාරවලට ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අනුමැතිය

colombotoday

84 හැවිරිදි විශ්‍රාමික ගුරු මව පන්දාහේ කොල මිටියක් ජනපති අතටදී කල ඉල්ලීම

colombotoday

වෛද්‍ය සභාවේ නව සභාපති සයිටම් හිතවාදියෙක්.. – මහැදුරු කාලෝ කියයි

colombotoday