Colombo Today Local News

මත් කුඩු සමග කතක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය රැසක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ හේනමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (28)දින අතුරුගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට ලද තොරතුරකට අනුව එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 610ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101යි මිලි ග්‍රෑම් 100ක්, කේරළ ගංජා කිලෝ 03 ග්‍රෑම් 240ක් සහ මත්පෙති 900ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 67ක් වන හේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

එම කාන්තාව ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර අද (29)දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ලංකා හොස්පිටල් – හිල්ටන් විකුණා දැමීමට රජය තීරණය කරයි !

colombotoday

‘සැප්. 1 වැනිදා තෙක් හරීන් අත්අඩංගුවට ගන්නේ නැහැ’ නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday

සති අන්තයෙත් විදුලි කප්පාදුවක්

Admin

‘අන්තර්ජාලෙන් මාව පට්ට ගහපුවාවේ, සංස්කෘතිය වනසන්න ඉඩ තියන්නෙ නෑ’ – ජනපති

colombotoday

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් දිවයිනට

Admin

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමට රනිල් ව කැඳවයි

colombotoday