World

ඇන්ටාක්ටිකාවෙන් යෝධ මාරාන්තික සුනාමියක් ගැන ලෝකෙටම අනතුරු ඇඟවීමක්

දේශගුණික විපර්යාසයන් හමුවේ ඇන්ටාක්ටිකාවෙන් යෝධ මාරාන්තික සුනාමියක් ඇතිවිය හැකි බවට නවතම අධ්‍යයනයකින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

මෙම අධ්‍යයනයන්ට අදාළ විශේෂ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර තිබේ.

එම අධ්‍යයනය හරහා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඇන්ටාක්ටිකාවේ දිය යට සිදුවන නායයාම් හේතුවෙන් පෘථිවියේ දකුණු පසින් වූ සාගරයේ යෝධ සුනාමියක් ඇතිවිය හැකි බවය.

එහි පරිමාණය පිළිබඳව නිසි සඳහනක් නොමැති වුවද එමගින් මීට වසර මිලියන ගණනකට පෙර එවැනි සුනාමි තත්ත්වයක් ඇතිවූ බවටද සාක්ෂි උපුටා දක්වා තිබේ.

ඒ අනුව වසර මිලියන ගණනකට පෙර දකුණු ඇමෙරිකාව, නවසීලන්තය සිට ගිණිකොණදිග ආසියාව දක්වා මෙම සුනාමි රළ ඇතිවී තිබෙන බවද එම වාර්තා සඳහන් කර ඇත.

අදාළ විශේෂඥයින් එමගින් වැඩිදුරටත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ සුනාමි අනතුරු ඇඟවීම් හඳුනාගැනීමේ තාක්ෂණය තවදුරටත් වර්ධනය කළ යුතු බවටය.

Related posts

ඇෆ්ගන් නව රජයේ නායකත්වය තලෙයිබාන් සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලාහ් බරාදාර්ට

colombotoday

රුසියානු හමුදා තව දවස් 10 ක් අල්ලන් හිටියොත් පුටින් පරදිනවා

colombotoday

අභ්‍යවකාශයටත් සංචාරකයින් | ප්‍රවේශ පත්‍රයක් ඩොලර් 250,000යි

colombotoday

බන්ධනාගාරගත කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇප

Admin

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි

colombotoday

බැංකුවක වෙඩි තැබීමක් – 5ක් මරුට…

Admin