Colombo Today Local News

14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල ඇරඹෙයි

14 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ආරම්භ කෙරුණි.

ඒ, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අසලදීය.

ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර සිදු කරනු ලබන ජාතික රණවිරු සැමරුම 14 වන වරටත් මෙලෙස පැවැත්වෙයි.

සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට එක්වන අතර මැතිඇමතිවරුන්, ආරක්ෂක ප්‍රධානීන් හා දිවි පිදු රණවිරුවන්ගේ ඥාතීන් ද ඊට සහභාගී වෙයි.

ජාතික රණවිරු සැමරුම වෙනුවෙන් අද දින පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හා විශේෂ රථවාහන වැඩපිළිවෙලක් යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

Related posts

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

colombotoday

වෙනසක් ඕන බව පේනවා – ජනපති කියයි

colombotoday

බදුල්ලේ ජල මුලාශ්‍ර සියයට සියයකම අසුචි

colombotoday

‘රාජපක්ෂලා, මෛත්‍රීට සහයනොදීම බරපතල අපරාධයක්’ – මහාචාර්ය නලින් ද සිල්වා

colombotoday

ගෝටාභය ජනාධිපති වීම ස්ථීරයි එය වලක්වන්න බෑ… TNA සුමන්තිරන්

colombotoday

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහ කරන්න චීනය එකඟ වෙයි

Admin