දශක තුනක් මුළුල්ලේ මෙරට පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට (18)දින වසර 14ක් සපිරෙයි.
යුද ගැටුම් අතරතුර මියගිය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සිහිපත් කරමින් සැමරුමක් පැවැත්වීමට යාමේදී අද පාර්ශ්ව දෙකක් අතර කොළඹදී නොසන්සුන්තාවයක් ඇති වී තිබේ.
සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භුමිය ඉදිරිපිට මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිහිපත් කරමින් සැමරුමක් සංවිධානය කර ඇත.
එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් ඊට විරෝධය පෑමත් සමග එම ස්ථානයේ නොසන්සුන්තාවක් ඇතිවි ඇත.
කෙසේවෙතත් පැමිණි පිරිස එම ස්ථානයේදී පහන් දල්වමින් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිහිපත් කිරීම සිදුකරනු ලැබීය.
පසුව පොලිසීයේ මැදිහත්වීමෙන් දෙපාර්ශ්වය විසුරුවා හැරීමට පියවර ගෙන තිබේ.