Colombo Today Local News

‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ජාතික උරුමයක් වෙයි

‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා’ ගීතය ජාතික උමරුයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

1903 වර්ෂයේදී ජෝන් ද සිල්වා ශුරීන් විසින් රචනා කර ඇති මෙම ගීතයේ තනු නිර්මාණය කර ඇත්තේ, විශ්වනාත් ලව්ජි මහතා විසිනි.

සිරිසඟබෝ නෘත්‍යයේ ඇතුළත් මෙම ගීතය වසර 120 ක් පමණ ඉපැරණි ගීතයකි.

මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙන තුරු උත්සව හා වෙනත් අවස්ථාවලදී එම ගීතය ජාතික ගීතය හා සමානව භාවිතයට ගෙන ඇති බවට සාක්ෂි ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජාතියේ වින්දනය සහ චින්තනය කෙරෙහි ශත වර්ෂයකට අධික කාලයක් එම ගීතය අඛණ්ඩව බලපා තිබෙන බව සැලකිල්ලට ගනිමින් එම ගීතය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

Related posts

ජනතාවට පාපැදියෙන් රැකියාවට යන්න කියන අය යන්නේ V8 වල

colombotoday

ඔබාමා යන්න කලින් ලංකාවේ NGO වලට සංහිදියා දොළපිදේනියක් !

colombotoday

එජාප ප්‍රතිසංවිධාන ඇරඹෙයි.. සාමාජිකයන්ට ඩිජිටල් හංවඩුවක් !

colombotoday

රුදුරු රළ පෙළ මිනිස් ජීවිත දෙලක්ෂ තිස්දහසක් බිළිගෙන අදට වසර 11යි

colombotoday

රණවිරු දඩයමට තිත; විදේශ කටයුතු රාජ්‍ය ඇමැති සුසිල්ගෙන් පොරොන්දුවක්.

colombotoday

ගල්කිස්ස අධිකරණයේ නීතිඥවරු සටන් පාඨ කියයි

colombotoday