Colombo Today Local News

උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරු ජනපති සමඟ අදත් සාකච්ජාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රිවරුන් අතර තවත් සාකච්ජාවක් අද(15)දින පැවැත්වෙයි.

අද සවස 5.30ට ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ජාව පැවැත්වෙන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නිතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා සඳහන් කරයි.

බලය බෙදීම, උතුරේ ඉඩම් ගැටලු, දෙමළ සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව එහිදී සාකච්ජා කිරීමට නියමිතව තිබේ.

පසුගිය දෙසැම්බර් සිට මේ දක්වා දෙමළ ජාතික මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පවත්වා ඇති සාකච්ජා වට සංඛ්‍යාව 5කි.

Related posts

රෝසිගේ පුතාගේ නමත් බැඳුම්කර වාර්තාවේ – සංවාදය මෙන්න

colombotoday

ස්විස් තානාපති නිවසේදී කටඋත්තර ගන්නයැයි උපුල් කුමාරප්පෙරුම සිදුකල ඉල්ලීම ඉවතට.

colombotoday

ශිෂ්‍යත්ව විභාගය ඇරඹෙයි

colombotoday

සියලු රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

colombotoday

සජිත් ප්‍රේමදාස ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා සේවකයින් 2300ක් බඳවාගෙන

colombotoday

“නීතිය හා සාමය” දුන්නත් මම බාර ගන්නෑ – ෆොන්සේකා

colombotoday