Colombo Today Local News

පාසල් සිසුවියන් 16 කට අතවර කළ ටියුශන් ගුරා අත්අඩංගුවට

පාසල් සිසුවියන් 16 දෙනෙකු පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා අද (11)දින අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී 30 හැව්රිදි පුද්ගලයෙකි.

සැකකරු පටිගත කල දර්ශන අනුව ලිංගික අතවර කිරීම් 16ක් සම්බන්දයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බව කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සදහන් කරයි.

කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද සදහන් වේ.

සැකකාර ගුරුවරයා අනියම් සම්බන්දතා පවත්වන බවට ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත්, ඇය සැකකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී දැරියන්ට අපයෝජනයට ලක්කරන වීඩියෝ දර්ශන ගබඩා කර ඇති බව නිරීක්ෂණයවී දෙමව්පියන් දැනුවත් කර ඇති බවත් ජේෂ්ඨ පොලිස් නිළධාරියෙක් කීය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

වැඩිකළ ඉන්ධන කෝටාව ඉදිරි සතියේදීත් ලැබෙයි

Admin

ඇමති බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයේ අක්කර ලක්ෂයක් ඉල්ලයි

colombotoday

ප්‍රසන්නගේ බොරු.. පාද යාත්‍රාවට මගේ අනුමැතිය නෑ – ජනපති

colombotoday

චීනය කොරෝනා මර්ධනයට එන්නතක් සොයාගනී !

colombotoday

විපක්ෂයට සහය දෙන්න එජාප මන්ත්‍රීන් 20ක් සූදානම් !

colombotoday

කාන්තන්කුඩි පොලීසියේ නිලධාරියෙක් ඝාතනය කෙරේ

colombotoday