දිස්ත්රික්ක හතරක ප්රදේශ කිහිපයක් සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
ඒ අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කෑගල්ල, කුරුණෑගල ,ගාල්ල සහ මහනුවර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් හෙට (11) දිනයේ පෙරවරු 9.30 දක්වා දීර්ඝ කර ඇති අතර එම නිවේදනය පහතින් දැකිය හැකියි.