Colombo Today Local News

ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබේ.

එය මැයි 10 වන දින පෙරවරු 08.30 වන විට අංශක 8.80N සහ අංශක 88.90E ආසන්නයේ කේන්ද්‍රගත වී පැවති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි.

එය උතුරට බරව වයඹ දෙසට ගමන් කර ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ සුළි කුණාටුවක් දක්වාත්, ඉන්පසු ඉදිරි දිනවලදී ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ යාබද මධ්‍යම බෙංගාල බොක්ක හරහා චණ්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව වාර්තා වෙයි.

උතුරු අක්ෂාංශ 03 – 20 ත් සහ නැගෙනහිර දේශාංශ 85 – 100 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ බහුදින ධීවර ප්‍රජාවන්ට අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටුයුතුවල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාව වෙත දැනුම්දී තිබේ.

Related posts

“රාජපක්ෂව ඉවත් කිරීම ‍හොද ක්‍රියාවක්.. ලංකාවේ අර්බුදය විසදන්න දැන් තමයි හොදම වෙලාව” – එරික් සෝල්හයිම්

colombotoday

දේශපාලන පක්ෂ මැයිදිනය සමරද්දී, වනසන ජාතික උරුමය සොයා ඥාණසාර හිමි විජිතපුර යයි

colombotoday

පොහොට්ටු රැස්වීමේදී නිමල් සිරිපාලට හූ කියයි

colombotoday

වන්දිභට්ට යුගය අවසන් කළ යුතු බව සජිත් කියයි

colombotoday

දහවල් කාලයේදී විදුලිය කප්පාදුවක් නැහැ – ලංවිම කියයි

colombotoday

අතුරුගිරියේ පිරවුම්හලේ ගැටුමකින් පොලිසියේ 6කට තුවාල.. පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

colombotoday