Colombo Today Local News

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන ණය හිමියන් එකම වේදිකාවකට

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන ණය හිමියන් සහභාගී වූ රැස්වීමක් ඊයේ (09)දින පැවැත්විය.

ඊට චීනය ද නිරීක්ෂණ මට්ටමෙන් සහභාගීව තිබේ.

ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය සහභාගී වූ මෙම ඔන්ලයින් හමුවේ අරමුණ වූයේ වෙනම සාකච්ඡා පැවැත්වීම වෙනුවට ශ්‍රී ලංකාවේ සියලුම ණය හිමියන් සාකච්ඡා සඳහා සහභාගීවන පොදු වේදිකාවක් සැකසීමයි.

ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ණය හිමියන්ට ඩොලර් බිලියන 7.1 ක් ණය වී ඇති අතර චීනයට ඩොලර් බිලියන 3 ක්, ඉන්දියාවට ඩොලර් බිලියන 1.6 ක් සහ ණයහිමි ජාතීන්ගේ පැරිස් සමාජයට ඩොලර් බිලියන 2.4 ක් ණය වී සිටී.

මේ සාකච්ඡා පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා රජය ද මේ වනවිට විදේශයන්හි පුද්ගලික ණය හිමියන්ට යුරෝ බැඳුම්කර ආකාරයෙන් ඩොලර් බිලියන 12 කට වැඩි ණයක් සහ තවත් ඩොලර් බිලියන 2.7 ක වාණිජ ණයක් පිළිබඳ නැවත සාකච්ඡා කිරීමට උත්සාහ කරමින් සිටින පසුබිමක බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

ඒ, ඩොලර් බිලියන 13 කට අධික දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහයට අමතරවයි.

Related posts

චම්පික රණවකට ඇප

colombotoday

හෙරොයින් කිලෝ 300ක් සමඟ යාත්‍රාවක් දකුණු මුහුදේදී වටලයි

colombotoday

මැතිවරණය ජය ගත් පසු ජනතාවට ආර්ථික පැකේජයක් ලබාදෙනවා- සජිත්

colombotoday

සිංහලයා ශ්‍රී ලාංකික කිරීමේ ව්‍යාපාරය, හා ගර්‌භාශ යුද්‌ධය

colombotoday

බුද්ධි නිලධාරීන් යැයි කියමින් වාහන පරීක්ෂා කළ 2 ක් පොලිස් දැලේ

colombotoday

උලමා හා ISIS සම්බන්ධතා පිළිබදව බොදු බලේ ප්‍රශ්න කරයි…

colombotoday