ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත ඉහළින් සිටිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රට කරගෙන යාමේ සම්පූර්ණ වගකීම බරා දිය යුතුය යන්න තමන්ගේ යෝජනාව බව හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
තමන් දේශපාලනයෙන් පැරදී නැති බවත්, තමන්ට තරඟ කිරීමට නුදුන් බවත්, පැවසූ ඒ මහතා කොටියා, සිංහයා වැනි සතුන් නිතරම පෙනෙන්නට නොසිටින්නාක් මෙන් තමන්ද අවශ්‍ය වෙලාවට පමණක් පෙනී සිටින බව පවසයි.