Colombo Today Local News

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් තිදෙනෙකුට දඩ

පාලන මිල ඉක්මවා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් තිදෙනෙකුට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය රු. ලක්ෂ තුනක දඩ මුදලක් ගෙවන ලෙස නියම කර තිබේ.

ඒ, අදාළ සැකකරුවන් ඊයේ (3) දින නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරී කාර්යාලයේ නිලධාරින් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී ය.

එහිදී සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගත් බැවින් එක් අයෙකුට රු. ලක්ෂය බැගින් තිදෙනාට රු. ලක්ෂ තුනක දඩ මුදලක් ගෙවන ලෙසට නුවරඑළිය මහේස්ත්‍රාත් සංජීව නාලක විරසිංහ නියෝග ක‍ර ඇත.

ඔවුන් තිදෙනා නුවරඑළිය, නානුඔය සහ ලිඳුල ආගරකන්ද ප්‍රදේශවල පදිංචිකරුවන් බව නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරී කාර්යාලයේ දිස්ත්‍රික් නිලධාරී අමිල රත්නායක පවසයි.

තව ද පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීම, කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම යන චෝදනා යටතේ නුවරඑළිය අධිකරණ බල සීමාවේ ප්‍රධාන නගර කිහිපයක ම වැටලිම් සිදු කර සැකකරුවන් 16 දෙනෙකු ද අධිකරණය හමුවට ඉදිරි පත් කර තිබේ.

එම අවස්ථාවේ එම සැකකරුවන් ද වරද පිළිගත් බැවින් ඔවුන් සියලු දෙනාට රු. පනස් දෙදහසක දඩයක් ගෙවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව රත්නායක මහතාපවසයි.

මෙවැනි වැටලීම් නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා ම අඛණ්ඩව සිදු කරන බව ඔහු වැඩි දුරට ත් සඳහන් කරයි.

Related posts

ගෑස් සිලින්ඩර් අස්සේ මත්කුඩු. කිලෝ දෙසීයක් සමග නමයක් අත්අඩංගුවට.

colombotoday

පා. මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ජනතාව ප්‍රකෝප කරමින් තිස්ස විහාරයට එරෙහිව විරෝධයක

Admin

බ්‍රිතාන්‍යයේ සංගීත ප්‍රසංගයකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 19කට ජීවිත හානි

colombotoday

තියුණු ආයුධයකින් පහර දී අයෙක් මරා දාලා

Admin

අට්ටාලයක සිට කුඩු ජාවාරම් කළ තිදරු මවක් අත්අඩංගුවට

Admin

ශ්‍රී ලංකාවට බාල ඖෂධ සැපයූ ‘ඉන්දියානා’ සමාගමට එරෙහිව විමර්ශනයක්

Admin