Colombo Today Local News

සූරියකන්ද-දෙනියාය මාර්ගයේ ගමනාගමනය ඇණහිටී

පසුගිය දින කිහිපය තුල ඇදහැලුන මහවැසි නිසා රත්නපුර මාදම්පේ හන්දිය හරහා ගාල්ල දක්වා දිවෙන ඒ 17 මාර්ගයේ කිලෝමීටර් 100 සහ 101 අතර නෑදොළ, කීනතැන්න ප්‍රදේශයේ දී මාර්ගයට පස් කන්දක් කඩා වැටී විශාල ගලක් පෙරළීමෙන් අද (02)දිනයේ සිට ගමනාගමනය ඇණහිට ඇති බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම ගලපෙරළී ඇත්තේ සූරියකන්ද සහ දෙනියාය අතර කොටසේ දී බව කොළොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතා ද තහවුරු කරයි.

පස්කන්දක් සමග පෙරළී ආ ගලත් සමග තවත් සාමාන්‍ය ප්‍රමාණයේ ගල් පාරට පෙරළී විත් තිබේ. මේ නිසා එම ස්ථානයෙන් වාහන ගමන් කළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ. අද (02) අලුයම් කාලයේ මෙම අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

Related posts

ඤාණසාර හිමියන් බන්ධනාගාරයෙන් නිදහස් කිරීම හෙට (23) සවස 3 ට….

colombotoday

තෙල් සංස්ථාවේ නිලධාරීන් අද කෝප් හමුවට

Admin

ව්‍යාජ අංක තහඩු ගහන් ඉන්ධන පෝලිමට ආ අයෙකුට වැඩ වරදී

colombotoday

ශ්‍රී ලංකාවේ දෙවැනි නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කරයි

colombotoday

චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකා එකඟතාවය ගැන IMF සතුටු වෙයි

Admin

දිය නාමින් සිටි ගැටව් දෙන්නෙකුට පී.සී ලිංගික අතවර කරලා

Admin