Colombo Today Local News

වල් අලියෙකුගේ පහරකින් පියෙක් මරු දකී

ගල්ගමුව, මහගල්කඩවල, නෙළුම්ගම, පදිංචිව සිටි එක් දරු පියෙකු වල් අලි පහරදීමකින් මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි.

මරණකරු එගම පදිංචිව සිටි එම් එම් උපාලි නමැති පනස් හය හැවිරිදි පියෙකු බව පරීක්ෂණවලදි හඳුනා ගෙන ඇත.

ඔහුගේ ගෙවත්තට ඊයේ (27) රාත්‍රී දහයට පමණ වල් අලි දෙදෙනකු පැමිණ ඇති බවත්, ඒ අලි ගෙහිමියන් විසින් කෑ කෝ ගසාපලවා හරිනු ලැබ ඇතැයි අනාවරණය වී තිබේ.

එම සිද්ධියෙන් පැය භාගයකට පමණ පසු නැවත නිවස අසළින් ම ශබ්ද ඇසීම නිසා මේ පියා විදුලි පන්දම දල්වාගෙන මිදුලට පැමිණ ඇති බව ද, ඒත් සමඟ ම වැසිකිළියට මුවා වි සිටි අලියෙකු ඉදිරියට පැමිණ ඔහුට පහරදී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මේ ගෙවත්තට මුල් අවස්ථාවේම වල් අලි තිදෙනෙකු පැමිණ ඇති බවත්, ඉන් එකෙකු වැසිකිළියට මුවා වි සිටීම නිසා ඔහුට ඒ අලියා නොපෙනෙන්නට ඇතැයි පොලිසිය පවසයි. එසෙ රැඳී සිටි අලියා ඔහුට පහරදී ඇති බව ද ඔවුහු කියති.

වල් අලි පහරදීම නිසා බරපතළ තුවාල ලැබු ඔහු ගල්ගමුව මූලික රෝහලට රැගෙන විත් ඇතත් ඒ වන විටත් මියගොස් සිට ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි.

Related posts

නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙක් මහරගමදී අත්අඩංගුවට

colombotoday

කඩුවෙල ලඳු කැලෑවකින් පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් හමු වෙයි

Admin

අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩවත අතර වාහන ධාවනය නොමිලේ

colombotoday

අම්පිටියේ සුමනරතන හිමි මඩකලපු දිසාපතිටත් ඇඩෙන්නම කියයි ! (Video)

colombotoday

“ශ්‍රී ලාංකීය ඉස්ලාමීය බැතිමතුන් මේ රටේ අනන්‍යතාව රැකෙන පරිදි කටයුතු කළ යුතුයි.. ඔවුන් අරාබි ඉස්ලාමීය බැතිමතුන් වෙන්න ගියා… ගැටලුවට මුල මේකයි”

colombotoday

බෙදුම්වාදී ව්‍යවස්ථාව ගැන නිහඩව සිටීමත් දේශයට ද්‍රෝහීවීමක් – සරත් වීරසේකර

colombotoday