Colombo Today Local News

අනිද්දා පැය 10ක ජල කප්පාදුවක්

කොළොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, 2023 අප්‍රේල් මස 29 වන දා පෙ.ව.11.00 සිට එදින රාත්‍රී 9.00 දක්වා පැය 10ක කාලයක් ජල කප්පාදුවක් සිදු වනු ඇත.

කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුළුකෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියළු අතුරු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්හිටු වීමට නියමිත බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

Related posts

යුක්‍රේන සංචාරකයින්ගේ සීගිරි, පොළොන්නරු ගමන හදිස්සියේ අවලංගු කරයි

colombotoday

රජයේ ආයතන රැසකට අගමැති අත ගසයි!

colombotoday

අන්ඳ ව්‍යාපාරිකයෙකුගේ නිවස බලෙන් අත්පත් කරගැනීමට පැමිණි ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් අත්අඩංගුවට නොගැනීම: බස්නාහිර DIGට නොතීසි

colombotoday

අම්පාර උහන සහ දමන ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

colombotoday

සියලූම වෘත්තිකයින් අඛණ්ඩ වැඩ වර්ජනයේ

colombotoday

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර මුදල සියයට සියයකින් වැඩිකෙරේ

Admin