Colombo Today Local News

මේ වසරේ පළමු කාර්තුවේ රැස් කළ දේශීය ආදායම් බද්ද රුපියල් මිලියන 316,619 ක්

මේ වසරේ පළමු කාර්තුවේ රැස් කළ දේශීය ආදායම් බදු ප්‍රමාණය රුපියල් මිලියන තුන් ලක්ෂ 16,619ක් ලෙස වාර්තාවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, ඩී.ආර්.එස් හපුආරච්චි මහතා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම වසරේ පළමු කාර්තුවේ බදු ආදායම පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 216% ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

ඉන් ඉහළම ආදායමක්, ”එකතු කළ අගය මත බද්ද” යටතේ අය කර ඇති අතර එම අගය රුපියල් මිලියන 113 578කි.

රජයේ නව බදු ප්‍රතිපත්තිය මෙන්ම ආර්ථික ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම එම බදු ආදායම ඉහළ යාමට හේතුව බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අතර කාර්යක්ෂම හා ඵලදායි බදු පරිපාලන සේවාවක් බදු ගෙවන ප්‍රජාව වෙත ලබාදීමට කටයුතු කරන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, ඩී.ආර්.එස් හපුආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

කම්කරු ඇමැතිට නොතීසි

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday

දෙස් විදෙස් කුමන්ත්‍රණ හමුවේ නව වසරේ ජාතික අභිලාෂය කෙසේ විය යුතුද? මැදගොඩ අභයතිස්ස හිමි

colombotoday

අලුත් ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයේ යෝජනා භාරදෙයි

colombotoday

කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්…

colombotoday

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

Admin