World

සුඩාන හමුදා සහ අතුරු හමුදා පැය 72ක සටන් විරාමයකට එකඟ වෙයි

සුඩාන හමුදා සහ අතුරු හමුදා පැය 72ක සටන් විරාමයකට එකඟ වී තිබේ.

දින 2ක සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම මාසයේ ප්‍රකාශයට පත් කරන ලද තෙවැනි සටන් විරාමය මෙය වන නමුත් ඉන් කිසිදු සටන් විරාමයක් මේ වන තෙක් ක්‍රියාවට නංවා නොමැත.

සුඩාන හා එරට අතුරු හමුදා අතර ගැටුම්වලින් මේ වන විට පුද්ගලයින් 427 ක් මිය ගොස් 3,700කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

මේ හේතුවෙන් එරට සිටින විදේශිකයන් ද විශාල වශයෙන් ඉවත්ව යන බව සඳහන් වේ.

හමුදා පාලනයක් යටතේ ඇති සුඩානය පසුගියදා සිවිල් රජයක් යටතට පත් කිරීම පිළිබඳව සළකා බැලීම හේතුවෙන් එරට අතුරු හමුදාවක්, හමුදාවට එරෙහිව සටන් ආරම්භ කළේ ය.

Related posts

මුස්ලිම්වරුන් ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇත. එය සිවිල් යුද්ධයකට තුඩු දිය හැකියි. – බොලිවුඩ් නලු නසීරුදීන් ෂාගෙන් දරුණු ප්‍රකාශයක්.

colombotoday

ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

Admin

ලෝකෙම කතා වෙන ජීවිත තුනක් බේරාගත් පුංචි වීරයෝ දෙදෙනා

colombotoday

රටවල් රැසකින් රුසියාවට එරෙහිව සම්බාධක පනවයි

colombotoday

චාර්ල්ස් කුමරුටත් කොරෝනා වෛරසය වැළදේ

colombotoday

රජයේ අරමුදල් ගිණුමට ආවේ කොහොමද? හිටපු අගමැති ‘දන්නේ නෑ’ කියයි

colombotoday