අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්දාන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද (25) උදෑසන 9.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 9 කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
එලෙස ජල සැපයුම අත්හිටුවන්නේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, මොරන්තුඩුව, බෝම්බුවල, පිලමිනාවත්ත, දර්ගා නගරය, බෙන්තොට, අලුත්ගම, කළුවාමෝදර සහ බේරුවල ප්රදේශවලටයි.