Colombo Today Local News

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරයි

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට අදට(21) වසර 4කි.

පාස්කු ප්‍රහාරයෙන් මෙලොව හැර ගිය පිරිස් සිහි කරමින් දිවයිනේ දේවස්ථාන රැසකදී දේව මෙහෙයන් සංවිධාන කර ඇත.

2019 අද වැනි දිනක මෙරට අඳුරු වළාවකින් වැසී ගියේ පාස්කු ඉරිදාව සමරමින් දේවස්ථානවල දේව මෙහෙයන්ට සහභාගි වූ කතෝලික ජනතාව ඉලක්ක කර එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ය.

මෙරට දේවස්ථාන 3ක් ඇතුළු කොළඹ හෝටල් හා අවන්හල් 7කට එදින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 269 කි.

තවත් පිරිසක් ආබාධිතයින් බවට පත් වූයේ එම අමිහිරි මතකයන් යළි යළිත් අප ඉදිරියේ මවාපාමින් ය.

පාස්කු ප්‍රහාරය එල්ල වී අදට වසර හතරක් සපිරුණ ද ඊට වගකිව යුත්තන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැහැ.

ප්‍රහාරයට වගකිවයුත්තට එරෙහිව නීතීය ක්‍රියාත්මක නොවීමට විරෝධය පළ කරමින් අද(21) උදෑසන මීගමුව කොළඹ මාර්ගය දෙපස ජන පවුරක් නිර්මාණය කරන බව කොළඹ අගරුදගුරු පදවියේ ජාතික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කරයි.

මේ අතර, පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 4ක් සම්පූර්ණ විමට සමගාමීව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයෙන් ආරම්භ වූ පා ගමන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය කරා මේ වනවිට ළඟා වෙමින් පවතී.

මෙය නම් කර ඇත්තේ, සත්‍ය හා යුක්තිය සොයා අබ්බා පියාණන් වහන්සේට මොර ගසන යැඳුමේ පා ගමන ලෙසයි.

Related posts

ඉතිහාසයේ කවදාවත් නොවූ විදිහට ACJU වහාබ්වාදීන් ඤාණසාර හිමි ට බයවෙලා – සාම්ප්‍රධායික මුස්ලිම්වරයෙකුගෙන් සටහනක්

colombotoday

මැගසින් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් පියාඹන තහනම් පාර්සල්

colombotoday

පිළිකා රෝගී නැන්දම්මාට පහර දෙන මහනුවර ප්‍රධාන පෙළේ පාසල් ගුරුවරිය

Admin

ඩ්‍රෝන යොදා කෘමිනාශක ඉසින නුවරඑළියේ ගොවිපොළ. – තාක්ෂණයෙන් වැඩක් ගෙන ලාභ ගන්නේ මෙහෙමයි

colombotoday

ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ජනපති මෛත්‍රීට විරෝධය පා කලු කොඩි ඔසවයි

colombotoday

සියලු පුරවැසියන් එන්නත ලබා ගන්නා තුරු සිටින බව පැවසූ විපක්ෂ නායක කොවීඩ් එන්නත ලබාගනී

colombotoday