Colombo Today Local News

රිලවුන් ලක්ෂයක් ගෙන්වීම පිළිබඳව කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් ලැබී නැහැ – චීන තානාපති කාර්යාලයෙන් පිණිවුඩයක්

ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලක්ෂයක් ගෙන්වීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

ඒ ට්විටර් පිණිවුඩයක් නිකුත් කරමිනි.

එහි දැක්වුණේ ශ්‍රී ලංකාවේ රිලවුන් ලක්ෂයක් ගෙන්වීම පිළිබඳව කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් ලැබී නොමැති බවයි.

එවැනි ඉල්ලීමක් පිළිබඳව තම ආයතනය කිසිදු ආකාරයකින් දැනුවත් නොමැති බව චීන ජාතික වන විද්‍යා හා තණ බිම් පරිපාලනය දැනුම් දී ඇතැයි, තානාපති කාර්යාලය පවසයි.

චීනයේ වන සතුන් හා ශාක ආනයන අපනයන කටයුතු අධීක්ෂණය කරන රජයේ ප්‍රධාන දෙපාර්තුමේන්තුව වන්නේ, චීන ජාතික වන විද්‍යා හා තණ බිම් පරිපාලනයයි.

වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ පාර්ශවයක් ලෙස චීනය මේ වන විට සංශෝධන කිහිපයක් ද සමගින් වනජීවී ආරක්ෂණ නීතිය සම්මත කළ රටක් බව ද තානාපති කාර්යාලය අවධාරණය කරයි.

තානාපති කාර්යාල නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වන්නේ, චීන රජය සෑම විටම වන ජීවී ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දෙන අතර ජාත්‍යන්තර වගකීම් සක්‍රියව ඉටු කරන බවයි.

Related posts

පුතාට පොලිස් නිලධාරීන් පහරදීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වෙනවා – මෛත්‍රී ගුණරත්න

colombotoday

ඇමති ජෝන්ට සූර් වී මාධ්‍ය හමුව අවලංගු කරයි

colombotoday

ලංකාවේ අධිකරණය විශ්වාස නෑ.. යුධ අපරාධ පරීක්ෂණයට ජාත්‍යන්තර විනිසුරන් ඕනමයි – ඇමරිකා යාලුවා

colombotoday

බොදු බල සේනා තහනම් නිර්දේශය කුණුකුඩයට.. අමාත්‍ය අනුකමිටු වාර්තාවෙන් තීරණය වෙයි

colombotoday

මහින්ද අධිකරණයට

colombotoday

නිවෙසක් කොල්ලකෑමට ආ පාතාල කල්ලි සාමාජිකයෙකු ප්‍රදේශවාසීන්ගෙන් මැරුම් කයි

colombotoday