Colombo Today Local News

පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක්

පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක් 2025 වසරට පෙර නිම කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කළේ මෙම වසර තුළ සංවර්ධන සැලසුම් 21ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

කුරුවිට සංවර්ධන සැලසුම් පසුගිය මාර්තු මාසයේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර පැල්මඩුල්ල-කහවත්ත සංවර්ධන සැලසුම් ඉදිරි සතියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

මීට අමතරව රඹුක්කන, කුලියාපිටිය, තලාව, කැකිරාව, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය, නාවලපිටිය, කුණ්ඩසාලේ, ගම්පොළ, වව්නියාව, කිලිනොච්චි, අම්බලන්ගොඩ, ජා ඇල, වත්තල – මාබෝල, ගම්පහ, මහර සංවර්ධන සැලසුම් මෙම වසරේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Related posts

ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම බැලූබැල්මට නීති විරෝධීයි – අගවිනිසුරු

colombotoday

මන්ත්‍රී අතුකෝරල ඝාතන සිද්ධියේදී දිවි අහිමි වූ පොලිස් නිලධාරියාගේ පවුලට මිලියන 05ක්

colombotoday

දඩල්ල, පියදිගම වෙඩි තැබීමක්

colombotoday

පැය 24 ක් තුළ ඇඳිරි නීතිය කඩ කළ 91 ක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාවේ ව්‍යස්ථාව වෙනස් කිරීමට රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වන බව ඉන්දියාව කියයි

colombotoday

කොටස් වෙළෙඳපොළ ඒකක 99.49කින් ඉහළට

Admin