Colombo Today Local News

මීද්දරමුල්ලේ වෙඩිතැබීම ගැන සෙවූ පොලිස් සුනඛයා කරන්දෙණිය යුද හමුදා කඳවුරට රිංගයි

අහුන්ගල්ල මීද්දරමුල්ල ප්‍රෙද්ශයේදී ඉකුත් (14) සවස පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් පරික්ෂණ සඳහා යොදවන ලද නිල සුනඛයා කරන්දෙණියේ පිහිටි යුධ හමුදා සන්නද්ධ බුද්ධි බළකා රෙජමේන්තු කඳවුරට ඇතුලුවිම නිසා එම කඳවුරේ එදින රාජකාරියේ නිරතව සිටි හමුදා සෙබලුන්ට නිකුත්කර තිබු ටී.56 ගිනි අවි 36 ඊයේ (18) දින පොලිස් බාරයට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.

අහුන්ගල්ල මිද්දරමුල්ල අමරමෝලි මාවත පදිංචිව සිටි එනාදු තරිඳු ධනුෂ්ක සිල්වා නමැති පුද්ගලයා එදින සවස තම සොහොයුරිගේ කුඩා දරුවන් දෙදෙනකුද නංවාගෙන යතුරු පැදියෙන් යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා පලාගොස් තිබිණි. පසුව ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති අතර වෙඩි ප්‍රහාරය එල්ලවිමත් සමග යතුරුපැදියේ සිට බිමට වැටි ඇති අවුරුදු පහක සහ අවුරුදු එකහ මාරක කුඩා දරුවෝ දෙදෙනා ද තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබූහ.

මේ අතර ඝාතනය සඳහා සැකකරුවන් පැමිණ ඇති බවට සැක කරන යතුරු පැදිය කරන්දෙණිය පොලිස් වසමේ ඇරැව්වල යුද හමුදා බුද්ධි ඒකකය අසල කුරුඳු ඉඩමක දමාගොස් තිබියදි 15 වන දින සවස පොලිසිය විසින් සොයාගන්නා ලදි.

පසුව වැඩිදුරටත් නිල සුනඛයින් යොදවා පරික්ෂණ කිරිමේදි නිල සුනඛයා හමුදා කඳවුර තුලට ඇතුලුවිම නිසා එදින රාජකාරියේ සිටි සෙබලුන්ට නිකුත්කර තිබු ටි.56 ගිනි අවි 36ක් මෙසේ පොලිස් බාරයට ගෙන ඇත.

බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් එම ගිනි අවි රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසයි.

අහුන්ගල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි.

Related posts

මළ අප්පච්චිට අපි පණ දුන්නා… ඔහු අගමැතිවුණේ අපි නිසයි – විජයමුණි සොයිසා

colombotoday

කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද වරාය නගරය මෙරට හැරවුම් ලක්ෂය වියහැකියි

colombotoday

බැංකුවලට ලැබෙන ඩොලර් වලින් 25%ක් මහ බැංකුවට අලෙවි කළ යුතුයි

colombotoday

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට ‘හෑෂ්’ මත් පැණි කිලෝවක් සමග සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

“දෙනවා කීව යතුරුපැදි කෝ“ ක්ෂේත්‍ර නිලධාරීන් විරෝධතා.. “පාරවල් දැන් කාපට්.. ඒව ඕන නෑ“ – මුදල් ඇමති

colombotoday

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි

Admin