Colombo Today Local News

මළ අප්පච්චිට අපි පණ දුන්නා… ඔහු අගමැතිවුණේ අපි නිසයි – විජයමුණි සොයිසා

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යධුරය ලබාදීමට හැකියාව ලැබුණේ තමන් ඇතුළු පිරිසක් යහපාලන ආණ්ඩුවට එක්වීමට සිටි නිසා යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ නව අග්‍රාමාත්‍ය විජිත් විජේමුණි සොයිසා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට බලයක් ලබාදීමට හැකියාවක් නොමැති වූ නමුත් ඒ සඳහා හැකියාව යහපාලන ආණ්ඩුව සමඟ සන්ධානගත වී සිටීම නිසා නිර්මාණය වූ බව අමාත්‍යවරයා ශ්‍රී දළදා මාලිගාවේ පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව කීවේය.

එක්සත් ජාතික පක්ෂයට යටත් නොවී මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධුරය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හැකිවීම පිළිබඳ නිරාමිස ප්‍රීතියක් හා ගෞරවයක් ඇතැයි කී අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම මම අනුමත කරන්නේ නැහැ. එතුමාට ආරක්ෂාව දිය යුතුයි. ආරක්ෂාව දීම මත එතුමා පමණක් නොව පාක්ෂිකයන් ද සෑහීමකට පත් වෙනවා. මේ සියල්ලන්ම රටේ ජනතාවයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව විසින් පත් කරන ලද නායකයෙකි. එසේ නම් ඔවුන්ගේ ආරක්ෂාවට සහතිකයක් ලබා දිය යුතුයි.

මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව අප්පච්චි මළා යැයි කියූ අමාත්‍යවරයා මීට පෙර අවස්ථාවක කළ ප්‍රකාශය පිළිබඳව විමසීමේදී එම අමාත්‍යවරයා කියා සිටියේ නයකු දෂ්ට කොට මියගිය පසු දේහය රුක් අත්තනවලින් සකස් කළ පෙට්ටියක තැන්පත් කළ පසු දේහයට පණ එන බවයි. ඒ අයුරින් තවමත් එතුමා මිය ගොස් නැති බව සිහිපත් කළ යුතුයි.

මව්බිම

Related posts

පිලිපීනයේ මැනිලා අගනුවර වසා දැමේ !

colombotoday

‘ලීවොත් දඩුවම මරණයයි’ දිවයින කතෘ අනුර සොලමන්ට දිගින් දිගටම මරණ තර්ජන

colombotoday

සියළු කැලෑ පාළුවන් අල්ලන්න STF කැදවයි.. විල්පත්තුවම ගිල්ලත් බදුර්දීන්ට අත නොතියයි !

colombotoday

නව පක්ෂයේ Facebook පිටුව එළිදකී.. මහින්ද සුබපැතුම් එක්කරයි (Video)

colombotoday

මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගැන අපව දැනුවත් කර තිබුණේ සතියකට කලින්…

colombotoday

කම්සැප විදින්න කෝටියක ත්‍රීවිල් උස්සලා

Admin