Colombo Today Local News

පළාගිය රැඳවියන් සියලුදෙනා අල්ලයි

බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් සියලුදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සදහන් කරන්නේ, අද (18) අලුයම කඳවුර අවට ඇති කන්දකැටිය වැල්ලවතැන්න රක්ෂිත ප්‍රදේශයේ සිදුකළ සෝදිසියකදී සැඟව සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම ඊයේ පෙරවරුවේ රැඳවියන් දෙදෙනෙකු සොයාගත් අතර රාත්‍රී කාලයේදී තවත් සිව්දෙනෙකු කන්දකැටිය වැල්ලවතැන්න ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අද(18)දින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අදාළ රැඳවියන් 09දෙනා ඊයේ (17) අලුයම එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගොස් තිබුණි.

Related posts

15 හැවිරිදි දැරිය අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවි හතරක් තහනම් කරයි

colombotoday

“ISIS මෙහෙ නෑ.. විජේදාස කීවේ රජයේ මතය නෙවෙයි.. මුස්ලිම් සමාජය අන්තවාදී නැ“ – රාජිත

colombotoday

21 වෙද්දී මරණ අඩු නොවුනොත් 30 දක්වාම සංචරණ සීමා

colombotoday

මැතිසබේ කමිටුවල වැඩ ඇස්බැන්දුමක්

Admin

සජිත් පැරදුනේ රනිල් නිසා

Admin

STF එස්.අයි. කුඩු සල්ලි මුස්ලිම් ජාතිකයෙක් ළග ආයෝජනය කරලා

colombotoday