Colombo Today Local News

මෙල්බර්න් ගුවන් තොටුපොළේදී කාර්මික දෝශයකට ලක්වූ ශ්‍රීලංකන් යානය කටුනායකට..

ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර ගුවන් තොටුපොළේදී පසුගිය 15 වැනිදා කාර්මික දෝශයකට ලක්වී තිබූ ශ්‍රීලංකන් ගුවන් යානය අද (17)උදෑසන 7.40ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේ ය.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ යූ.එල්. 605 දරන ගුවන් යානය පසුගිය 15 වැනිදා රාත්‍රී 10.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබුණි.

එහි හටගත් කාර්මික දෝශය හේතුවෙන් ගුවන් යානය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් 06 දෙනෙකුගෙන් යුතු පිරිසක් පසුගිය 15 දින රාත්‍රී ඕස්ට්‍රේලියාව වෙත පිටත්ව ගියේ ය.

අලුත්වැඩියා කටයුතු කිරීමෙන් අනතුරුව ගුවන් යානය අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ ය.

යානය තුළ සිටින මගීන් සංඛ්‍යාව 218ක් වන අතර කාර්ය මණ්ඩලය සමාජිකයින් සංඛ්‍යාව 17 කි.

Related posts

ගල්අඟුරු රැගත් නෞකාවක් දිවයිනට

Admin

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

හඩ්සන් සමරසිංහ යලි ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිධූරයට

colombotoday

සිංහල – මුස්ලිම් කොටවන්න මූණුපොතේ ප්‍රචාර කරන අන්තවාදීන් අත්අඩංගුවට ගන්නවා

colombotoday

කෝටි 5000ක බාල පිළිකා ඖෂධ ගෙන්වීමේ උත්සාහය නතර කරන්න වෛද්‍ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

රජයට අයවිය යුතු ගෝල්ඩන් කී මුදල් ICBT කැම්පස් එකේ ආයෝජනය කරලා

colombotoday